MCC ගිවිසුමට ජනපති හරස්වෙයි! ගිවිසුම අත්සන් කළ යුත්තේ අලුත් ජනපති යටතේ! – මෛත්‍රී මංගලට දන්වයි..

November 1, 2019 at 10:33 am | by emanisa.lk

ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර  අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයාට අද (31) පස්වරුවේ දුරකතනය මගින් මේ බව දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අකමැත්ත පලකර තිබුණද ගිය අගහරුවාදා (29) පැවැති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ලැබී තිබේ.

මේ අතර ජනාධිපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ද පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල හා විමල් වීරවංශ අද පස්වරුවේ හදිසියේම ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී මෙම ගිවිසුම අත්සන් කිරීම නවත්වන්නැයි ඉල්ලීමක් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස