ගෝඨාගේ සුදුවෑන් රියදුරා මාධ්‍ය හමුවක! පැහැරගත් අයගේ දත් නිය ගලවා බඩ කපා කිඹුලන්ට කන්න දැම්මා! – ඇමති රාජිත සේනාරත්න සමග රටටම කියයි….

November 10, 2019 at 6:25 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරයේ සිටියදී සුදු වෑන් යොදා ජනතාව පැහැර ගත් බව එම පැහැර ගැනීමට සම්බන්ධ රියදුරෙකු බව කියන පුද්ගලයෙකු හා පැහැර ගැනීමට ලක් වූ බව කියන පුද්ගලයෙකු මාධ්‍ය හමුවක් අමතමින් අද කියා සිටියේය.

ඇමති රාජිත සේනාරත්න සමඟ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී ඔහු සඳහන් කළේ එසේ පැහැරගන්නා ලද මිනිසුන් දත් ගැලවීම, නිය ගැලවීම, උල් ආයුධවලින් ඇනීම ආදී වද හිංසා පසුව මරා දමන බවත් එම පුද්ගලයන් බඩ කපා කිඹුලන්ට කෑම සඳහා වැවකට දැමූ බවත්ය.

මාධ්‍ය හමුවට සහභාගි වූ තවත් පුද්ගලයෙකු කියාසිටියේ ප්‍රභාකරන්ගේ සල්ලි කොළඹට ගෙන ආවේ තමන් බවත් එම සල්ලි දුන්නේ නැතැයි කියා තමන් පැහැර ගැනීමට ලක් වූ බවය. මෙම පැහැරගැනීම්වලට පොලිසිය, හමුදාව ඇතුළු ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිදු කළ බවද ඔහු අනාවරණය කළේය.

අවස්ථා කිහිපයකදීම රාජිත සේනාරත්න විසින් මෙම පුද්ගලයන් දෙදෙනාට විවිධ උපදෙස් දෙමින් මාධ්‍ය හමුව මෙහෙයවනු දැනට ලැබිණ.

ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ රාජිත සේනාරත්න මහතා විසින් මේ ආකාරයේ කටයුත්තකට සූදානම් වන බවත් ඔවුන් සඳහා කෝටි ගණනක මුදල් ගෙවීමක්ද සිදුකර ඇති බවත්ය.

පසුගියදා කෝටි ගණන් මුදල් ගෙවා මිලයට ගත් රණවිරුවන් කිහිප දෙනෙකු යොදාගෙන ද ඇමති රාජිත සේනාරත්න මෙවැනි මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

කෙසේ වුවද ගෝඨාගේ සුදු වෑන් රියදුරා යැයි කීි පුද්ගලයා ඇමති වජිර අබේවර්ධනගේ රියදුරෙකු බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස