දිනන්න පුළුවන් කාටද කියලා රටම දන්නවා! අපි පරදින ඉත්තෝ දාන්නේ නෑ! ගෝඨාට මහින්දගේ ආශීර්වාදය හිමියි!

February 2, 2019 at 7:48 am | by admin

ඉදිරි ජනාධිපතිවරණය විපක්ෂ බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයා විසින් අනිවාර්යෙන් ජයග්‍රහණය කරන බවත් එහෙයින් එම ජනාධිපතිවරණය රටේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. මන්ත්‍රීවරයා මව්බිම පුවත්පතේ ප්‍රගීත් සම්පත් කරුණාතිලක සමග පැවැත්වූ සාකචඡාවකින් උපුටා ගත් කොටසක් පහත පළවෙයි.

මහින්ද මහත්තයාට අගමැතිකම දුන්නේ ඊළඟ ජනාධිපති අපේක්‍ෂකත්වය මෛත්‍රි මහත්තයාට ගන්න. එහි ප්‍රතිඵල විදියට නේද සන්ධාන ඇතුළේ ගැටුම් ඇති වෙලා තියෙන්නේ?

මම ඔය ගැන මහින්ද රාජපක්‍ෂ මහත්තයාගෙන් පෞද්ගලිකව විමසුවා. එතුමා මට දුන්න පිළිතුර තමයි එවැනි එකඟතාවක් ඇති වෙලා නැහැ කියලා. එතුමා කොයිම අවස්ථාවකවත් එහෙම පොරොන්දුවක් දීලා නැහැ. නමුත් සමහර වෙලාවට මෛත්‍රිපාල ජනාධිපතිතුමා එහෙම බලාපොරොත්තුවක ඉන්නවාද දන්නේ නැහැ.

ශ්‍රී ල.නි.ප.ය කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා තමයි ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා කියා? එතැනයි ගැටලුව තියෙන්නේ?

ශ්‍රී ල.නි.ප.යේ අයට තමන්ගේ නායකයා තමයි ජනාධිපති අපේක්‍ෂකයා කියන්න අයිතියක් තියෙනවා. ඒ වගේම අපට අයිතියක් තියෙනවා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා තමයි අපේ අපේක්‍ෂකයා කියලා කියන්න.

තව කෙනකුට තව අය ගැන කියන්න අයිතිය තියෙනවා. කාට මොන අයිතිය තිබුණත් දිනන්නයි අපි ඉත්තෙක් දාන්නේ. පරදින්න නෙවෙයි. දිනන්න පුළුවන් අපේක්‍ෂකයා කවුද කියලා මුළු රටට දන්නවා. දිනන්න පුළුවන් අපේක්‍ෂකයා දාලා ජයග්‍රහණය කරනවා හැරෙන්න පරදින අපේක්‍ෂකයා දාලා 2019 අග අපට උරුම විය යුතු රටම ලැබිය යුතු ජයග්‍රහණය වළකා ගන්න කවුරුත් සූදානම් නැහැ.

මෛත්‍රිපාල සිරිසේන මහත්තයා දැම්මොත් පරදින බව දන්නවා. එහෙමද?

මෛත්‍රිපාල මහත්තයාගේ නම විතරක් නෙවෙයි, තව නම් තියෙනවා. ඔය කොයි අපේක්‍ෂකයා දැම්මත් දිනන්න පුළුවන් කෙනයි අපි දාන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්තුමාට කියා තිබෙනවා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සූදානම් වෙන්න කියා දන්වපු බව. ඉන් පෙනෙනවා එතුමට තමයි මහින්ද මහත්තයාගේ ආශීර්වාදය තියෙන්නේ.

ඊළඟ ජනාධිපතිවරණයේදී දිනන්න පුළුවන්ද?

ඔව්. අපි ඉහළින්ම දිනනවා. ඉන්පසු රටේ අලුත් පරිච්ඡේදයක් ඇතිවේවි. පිළිවෙළක් ඇති රටක් රාජ්‍ය සේවයේ තිබෙන මහජන හිතවාදී නොවන ලක්‍ෂණ නැති කරපු රටක්, පාතාලය, කුඩුකාරයන්ගේ මතයට නොනමන පොලිසියක් ඇති රටක්, මහජන හිතකාමී පොලිසියක්, රැකියා අවස්ථාව වැඩි කරන වපසරියක් හදනවා. ඒ නිසා එවැනි පරිවර්තනයකට අපි අවතීර්ණ වෙනවා.

ඒ අනුව දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කර වසර 10ක් මේ වසරට උදා වෙනවා. නමුත් රටක් ජාතියක් හැටියට අපිට කනගාටු විය යුතුයි. මන්ද වසර තිහක් පැවැති යුද්ධය පරාජය කරලා සියලු ජාතීන්ට සාමකාමීව ජීවත් වෙන්න හදලා වසර 10ක් යන්න ඉස්සර දිවිපිදූ වීරයන්ගේ සොහොන් කොත්වල ගෞරවය ලැබෙන විදියට නෙවෙයි මේ රට ඇවිත් තියෙන්නේ. අද අන්තවාදය හිස ඔසවනවා.

දෙමළ ජාතික සංධානය ආණ්ඩුව හයි ජැක් කරගෙන ඉන්නවා. ඕකයි අද තත්ත්වය. ඒ නිසා මේ රට නැවත ගොඩනඟන්න පුළුවන් තියුණු හැරවුම තමයි ජනාධිපතිවරණයේදී සිදු වෙන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස