චීන සිසුන් ගෙනෙන ආණ්ඩුවේ මෙහෙයුම විමල්ගේ පුතා නිසාද! – විමල් පිළිතුරු දෙයි..

January 29, 2020 at 5:49 pm | by emanisa.lk

ආණ්ඩුව වහාම චීනයේ ඉගනීම ලබන සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළේ එම සිසුන් අතර ඇමති විමල් වීරවංශගේ පුතා සිටි නිසා බවට පළ වන වාර්තා පිළිබඳ ඇමතිවරයා තැබූ ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

දරුවන් ගාවගෙන මඩ ගැසීම…!

චීනයේ ඇති වූ අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, චීනෙයේ සිටින සිසු සිසුවියන් ඇතුළු සියලු ලාංකිකයන් නැවත ලංකාවට රැගෙන ඒමට, ගනුලැබූ කඩිනම් පියවර සියළු දෙනාගේම පාහේ ප්‍රසාදයට ලක් විය . එමනිසා කලබල වූ සීයට තුනේ රතු අලි ජනාධිපතිතුමන් ගත් එම තීරණය හෑල්ලුවට ලක් කිරීමට ක්‍රමයක් කල්පනා කළේය .ඒ සදහා මෙම සීයට තුනේ කුහක රතු අලි අල්ලාගෙන තිබෙනුයේ මගේ පුතාවය. මගේ පුතා චීනයේ විශ්වවිද්‍යාලය ක ඉගෙනුම ලබන බැවින් ආණ්ඩුව මෙතරම් වේගයෙන් ක්‍රියාත්මක වූයේ “විමල්ගේ පුතා බේරාගැනීමට ” යන පුවත කරලියට එන්නේ ඒ අනුවය .

වදවීගෙන යාමේ තර්ජනයට මුහුණ දී සිටින සීයට තුනේ රතු අලි හා එන් ජී ඕ කාක්කන්ගේ අවබෝධය පිණිස නොව, හුදී ජනයාගේ දැනගැනීම පිණිස එහි සත්‍ය තත්ත්වය මෙසේ පැහැදිලි කරමි.
මගේ පුත් විභූති චීනයේ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලැබ එහි ඉගෙනුම ලබන බව සත්‍යකි. චීනයේ අළුත් අවුරුද්ද වෙනුවෙන් විභූති ඉගෙනුම ලැබූ විශ්වවිද්‍යාලය දරුවන් ට නිවාඩු දුන්නේ පසුගිය ජනවාරි 8 ය. ඒ අනුව විභූති 9 වැනිදා පාන්දර ශ්‍රීලංකාවට පැමිනියේ ශ්‍රීලංකන් ගුවන් යානයකිනි. චීනයේ කොරොනා ප්‍රශ්නය උදගත වන විට විභූති ඉන්නේ ලංකාවේය. මේ මොහොතේ ද ඉන්නේ ලංකාවේ ය. සත්‍ය සැක හැර දැනගැනීමේ පිපාසාවකින් යමෙකු පෙලෙන්නේනම් ඔහු හෝ ඇය කළයුත්තේ ජනවාරි 9 පාන්දර චීනයේ සිට ලංකාවට පැමිනි ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් ගුවන් යානයේ තොරතුරු සොයා බැලීමය. පැමිනි මගීන් පිළිබඳ තොරතුරු විමසා බැලීමය.

දරුවන් පවා සම්බන්ධ කර ගනිමින් බොරු පතුරුවන සීයට තුනේ කුහක රතු අලි හා N G O කල්ලි වෙතින් මීට වඩා වෙනස් භූමිකාවක් අප අපේක්ෂා කරනුයේ නැත . ඔය ලෙසම ගොස් තියෙන තුනද නැති කර ගන්නා අයුරු අප බලාසිටිනුයේ නොමද සතුටෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස