මන්ත්‍රීවරු වරදක් කළාම දවල්ට විතරක් අල්ලන්න! – කතානායක

December 24, 2019 at 2:12 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමේ දී රාත්‍රී කාලයේ කලබල ඇති කරමින් සිදු කරනවාට වඩා දවල් කාලයේ නියමති ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකරන ලෙස කතානායක කරූ ජයසූරිය පක්ෂ නායක රැස්වීමේ දී ආණ්ඩුව දැනුම්වත් කර තිබේ.

කෙසේ වුවද පසුගිය ආණ්ඩු සමයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන රාත්‍රීයේම කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කතානායකවරයා මෙවැනි අවවාදයක් දීමට කටයුතු නොකළේය.

එසේම පාඨලී චම්පක අත්අඩංගුවට ගත් අවස්ථාවේ මෙන් විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදී මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ නිවේදන නිකුත් කිරීමට හෝ බන්ධනාගාරයට සුවදුක් බැලීමට යාමට හෝ බෝධි පූජා පැවැත්වීමට කටයුතු නොකළ බවට සමාජමාධ්‍යවල අදහස් දක්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස