රහස් පොලිසිය අපරාධකාරයන් සුද්ද කරන ගුබ්බෑයමක්! – විමල් වීරවංශ (video)

June 26, 2019 at 8:58 pm | by emanisa.lk

සිංහල කාන්තාවන් වඳ කළ බවට චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆී නිදොස් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් කටයුතු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චෝදනා කරයි.

රහස් පොලිසිය අපරාධකාරයින් ආරක්ෂා කරන තිප්පොළක් බවට පත් වී ඇති බවට ඔහු මෙම චෝදනාව එල්ල කළේ අද (26) පැවැති ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වෛද්‍ය ෂාෆි කෝටි 03කට මිලයට ගත් ඉඩමක වටිනාකම ලක්ෂ 35ක් ලෙස සඳහන් කළ බවට එම ඉඩම විකිණු පුද්ගලයා ලබා දුන් සාක්ෂියක් වෙනස් කරන ලෙස රහස් පොලිස් නිලධාරීන් බල කිරීම ඒ සඳහා නිදසුනක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා තමන් කළ ප්‍රකාශය අසත්‍ය නම් ඒ බව ඔප්පුකර පෙන්වන ලෙසටද අභියෝග කළේය.

අස්ගිරි මහ නායක හිමියන් ජාතිවාදි ගිනි ඇවිලූ බවට පාක්‍යසෝති සරවනමුත්තු නැමැති NGO ඒජන්තයෙක් බොරු පැමිණිලි කර ඇති බව පැවසු මන්ත්‍රීවරයා, විග්නේෂ්වරන්, වාජිලිංගම් මහතා සහ ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් විසින් අන්‍ය ආගමිකයින් අගතියට පත්වන ප්‍රකාශ කළා විට ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වු බවට ද චෝදනා කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස