මරාදැමුණු තවත් ජාතික සම්පතකට පණ පිඹින්න සූදානම්! ඇමති විමල් වාලච්චේන කඩදාසි කම්හලට යයි!

January 16, 2020 at 3:39 pm | by emanisa.lk

ශ්‍රී ලංකා රජය සතු අනගිතම රාජ්‍ය ව්‍යවසායක් වූ, 2016 දී පැවති ආණ්ඩුව විසින් සම්පුර්ණයෙන්ම වසා දමා අභාවයට යෑමට සැලැස්වූ, වාලච්චේන ජාතික කඩදාසි කම්හල් පරිශ්‍රය අද (16) අමාත්‍ය විමල් වීරවංශගේ නිරීක්ෂණයට ලක්විය.

අක්කර 500කට ආසන්න භූමි භාගයක් පුරා පැතිරී ඇති කර්මාන්ත පරිශ්‍රයේ වසාදමා ඇති පරිපාලන ගොඩනැගිල්ල, යන්ත්‍රාගාරය, බොයිලේරු අංශය, වැඩ බිම් අංශය ආදී සියල්ල නිරීක්ෂණය කළ ඇමතිවරයා හිටපු සේවක පිරිස්, ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු පිරිසක් සමග මෙම ජාතික සම්පත යළි නගාසිටුවීම පිළිබඳව සාකච්ජාවක ද නිරත විය.

මෙම නිල නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත් මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු ද එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස