අභියාචණාධිකරණ සභාපති ධුරයට අගමැති පවුලේ හිතවතිය ගෙනෙන සැලසුමක්!

February 1, 2019 at 9:19 am | by admin

අභියාචණාධිකරණයේ දැනට සිටින ජ්‍යේෂ්ඨතම විනිශ්චයකාරතුමිය එහි සභාපති ධුරය සඳහා ජනාධිපතිතුමා නිර්දේශ කළ විට නැවත නැවත එය ප්‍රතික්ෂේප කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ හිතවතියක වන අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු සභාපතිනී දිල්රුක්ෂි ඩයස් මහත්මිය එම තනතුරට ගෙන ඒමේ සැලසුමක් අනුව බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. මේ වන විට අගමැතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන අතර ව්‍යාපාරවල නිරත වූ හෙයින් ඔහුගේ මන්ත්‍රි ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පැමිණිල්ලක් අභියාචණාධිකරණයේ විභාග වෙයි.

මේ අතර ඇමතිනි තලතා අතුකෝරාල පවසා තිබුණේ අගමැතිතුමා විනිසුරුවරුන්ට දුරකතන ඇමතුම් ලබා නොගැනීම පිළිබඳ තමන් සතුටු වන බවකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *