පම්පෝරි ගැහුවට බැඳුම්කර අර්ජුන් අල්ලන්නේ නෑ! ඇලෝසියස් නාමල්ගේ හොඳම යාළුවෙක්! – ෆොන්සේකා

February 8, 2020 at 5:59 pm | by emanisa.lk

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත් අඩංගුවට ගන්නා බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මාසයක් තුළ අර්ජුන් ඇලෝෂියස්ට එරෙහි විදෙස් ගමන් තහනමත් ඉවත් කළ බවත් ඒ අනුව ආණ්ඩුව මේ වනවිට ක්‍රියාත්මක වන්නේ බැඳුම්කර වංචාව යටගැසීම බවත් පම්පෝරි ගැසූ තරමට නම් මේ වෙනකොට අර්ජුන මහේන්ද්‍රන් ගෝල්ෆේස් එකෙ කකුල් දෙකෙන් එල්ලා තිබිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ෆොන්සේකා මේ බව පැවසුවේ ඊයේ (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“අර්ජුන මහේන්ද්‍රන් අල්ලන්න කියලා අපි අභියෝග කරනවා. අනිවාර්යයෙන්ම අල්ලන්නෙ නෑ. අර්ජුන් ඇලෝශියස් කියන්නෙ නාමල් රාජපක්ෂගේ හොඳම යාළුවෙක්. නාමල් රාජපක්ෂගෙ නොයෙක් මැතිවරණ ව්‍යාපාරවලට උදව් කරපු කෙනෙක්. ඒක හින්දා තමයි අර්ජුන් ඇලෝෂියස්ට රටින් පිටවෙන්න බෑ කියලා දාලා තිබ්බ තහනම මේ ආණ්ඩුව ඇවිත් මාසයක් යන්න ඉස්සෙල්ලා ඉවත් වුණා. අනිවාර්යයෙන්ම අර්ජුන් ඇලෝශියසුත් ආපහු මේ රටට එන එකක් නෑ.

ඒ නිසා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මේ දෙන්නට නඩු දාලා මේකෙ තීරණයක් තියෙනවා කියලා. මේ ආණ්ඩුවට අපි අභියෝග කරනවා, මේ මාස 4 ඉවර වුණාම කරනවා කරනවා කියන එක හරියන්නෙ නෑ.  ඡන්දෙන් පස්සෙ කරනවා කරනවා කියන කතා අපි විශ්වාස කරන්නෙ නෑ. කරලා පෙන්නන්න. කියපු දේවල් එකක්වත් සිද්ධ වෙන්නෙ නෑ”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස