බැඳුම්කර වංචාවේ මහ මොළකරු නුඹයි! මා එය ඔප්පු කරන්න සූදානම්! හැකි නම් ප්‍රසිද්ධ විවාදයකට එනු! – අජිත් නිවාඩ්ගෙන් රනිල්ට අභියෝගයක්…

February 6, 2020 at 9:27 am | by emanisa.lk

බැදුම්කර වංචාවේ මහ මොළකරු හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසයි.

බැදුම්කර ගනුදෙනු මගින් හිටපු අග‍්‍රාමාත්‍යවරයා ජනතාවගේ මුදල් වංචා කර තිබෙන හැටි ඔප්පු කර පෙන් වීමට තමන් සූදානම් බවත්, ඒ ගැන තමන් සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙසත් අජිත් නිවාඞ් කබ්රාල් රනිල් වික‍්‍රමසිංහට අභියෝග කරයි.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සම්මුඛ සාකච්කඡාවකට එක් වෙමින් හිටපු මහබැංකු අධිපතිවරයා මෙම අභියෝගය ඉදිරිපත් කළේය.

තම සියලු දුරකතන සංවාද පරික්ෂා කරමින් අත්අඩංගුවට ගැනීමට කිසියම් වරදක් සෙවූ යහපාලන ආණ්ඩුව බැඳුම්කර වංචාවට තමන් සම්බන්ධ නම් තමා අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි ප්‍රශ්න කරයි.

අර්ජුන් මහේන්ද්‍රන් මෙන් තමා රටෙන් පළා නොගිය බවත් පසුගිය ආණ්ඩු කාලයේ තමා මේ රටේම රැඳී සිටි බවත් අජිත් නිවාඩි කබ්රාල් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස