අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරන්න සිංගප්පූරුව සූදානම්?

September 5, 2019 at 9:22 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ හිටපු මහ බැංකු අධිපති සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් එරටින් පිටුවහල් කිරීම පිළිබඳ තීරණය ශ්‍රී ලංකා රජය සකස් කර ඇති ලියවිලි ලැබුණ විට ගන්නා බව සිංගප්පූරු රජය පවසයි.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම පිළිබඳ සිංග්පූරු නීතිය අනුව කටයුතු කරන බවය.

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන වගඋත්තරකරු වන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ය. ඔහු රටින් පිටව යාමට පෙර විදෙස්ගත වීම වළක්වන ලෙස විවිධ පාර්ශව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද එය සිදු වූයේ නැත.

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ලියවිලි නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර පසුගියදා මෙරට ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත යොමුකළේය.

කෙසේ වුවද උදර්පන නීතිය යටතේ සිය රට වැසියකු ලංකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව නෛතික වශයෙන් බැඳී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස