අර්ජුන් මහේන්ද්‍රන් අල්ලලා දෙන එක සිංගප්පූවේ වගකීමක්! – ජනපති

March 18, 2019 at 8:09 pm | by admin

මහ බැංකු බැඳුම්කර සිදුවිමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධයෙන් තම ප්‍රතිප්තිය සිංගප්පූරුව විසින් පැහැදිලි කළ යුතුව ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

අල්ලස හා දූෂණ තුරන් කිරිමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්විමේ අවස්ථාවට අද (18දා) කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ඒ පිිළිබඳ අවශ්‍ය කටයුතු කරන බව ඔහු පැවසූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ට විවිධ අභියෝග හා ගැටලුවලට මුහුණදීමට සිදුවූ බවද ජනාධිධිපතිවරයා සඳහන් කළේය.

මේ වන විට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය රතු වරෙන්තු නිකුත් කර ඇති වරෙන්තුකරුවන් අතර ඇත්තේ සිව් දෙනෙක් පමණි. ඒ අතර අර්ජුන් මහේන්ද්‍රන් යනුවෙන් නමක් නැත. පහත දැක්වෙන්නේ එම ලැයිස්තුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස