බැඳුම්කර මහේන්ද්‍රන් ගෙන්වන්න ආණ්ඩුව සූදානම් නෑ

January 17, 2019 at 7:12 am | by admin

බැඳුම්කර මගඩියේ ප‍්‍රධාන වගකිවයුත්තා වූ හිටපු මහ බැංකු ප‍්‍රධානි අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා රජය මෙතෙක් සිංගප්පූරු රජය සමග පිටුවහල් කිරීමේ ගිවිසුමක් අත්සන් කර නැතැයි පැවසේ.

ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් පිටුවහල් කිරීමේ නීතිය 1977 වසරේ සම්මත කර තිබේ. එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙරටට පිටුවහල් කිරීම සඳහා වූ රජය සිංගප්පූර් රජය සමග මෙතෙක් එකඟතාවකට පැමිණ නැත.

සිංගප්පූරු පුරවැසියකු වූ මහේන්ද්‍රන් සිංගප්පූර් ඉන්ටර්පෝල් පොලිසියේ ඕනෑ කරන අයගේ රතු වරෙන්තුවක්ද ඇතුළත් වී නැති බව අනාවරණය වේ. මේ බව සිංගප්පූරු ඉන්ටපෝල් පොලිසියේ නම් 72 ක් ඇතුළත් වාර්තාවෙන් තහවුරු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස