බැඳුම්කර මාමා රට ගියා ගියාමයි! ආගිය අතක් නෑ! බෑනාත් රට යන්න අවසර ඉල්ලයි!

January 31, 2019 at 3:02 pm | by admin

තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝශියස් මහතා විසින් ගොනු කර තිබුණු මෝසමක් අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබිණි.

මෝසම ඉදිරිපත් කරමින් අර්ජුන් ඇලෝශියස් මහතාගේ නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාස දෙකක කාලයකට ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවලට යාමට අවශ්‍ය වී ඇති බවයි.

එහෙයින් ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම මාස දෙකක කාලයක් සඳහා ලිහිල් කරන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ. මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 11ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අර්ජුන් ඇලෝශියස් මහතා දැඩි කොන්දේසි සහිතව ඇප මත නිදහස් කෙරුණේ පසුගිය 01 වනදා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *