දේශපාලනයේ අපි දැක්ක දූෂිතම හොරා රවී! සජිත්ට බණින රවීට ගමකට ගියොත් ගුටිකන්න වෙනවා! – එජාප පසුපෙළ රවීගේ කලිසම ගලවා දමයි…..

April 19, 2019 at 9:05 am | by admin

රවී කරුණානායක අර්ජුන් මහේන්ද්‍රන් සමග එකතු වී මහ බැංකුව කොල්ල කෑම, ගුවන් සමාගම විකුණා දැමීම, සතොස විකුණා දැමීම සහ රටම අඳුරේ තැබීම හැර දැරූ ඇමතිකම්වලින් රටට කිසිවක් නොකළ බව එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී විජිත් ප්‍රියන්ත පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට බැණ වදින රවී කරුණානායකට ගමකට ගියහොත් රට වටෙන්ම ගුටි කෑමට සිදුවන බව මන්ත්‍රීවරයා පවසයි. ලලිත් ඇතුළත්මුදලි මහතාගේ බිරිඳ සිටියේ නම් රවී කරුණානායකගේ වත්කම් පිළිබඳ සොයා බැලීමට තිබූ බව ද හෙතෙම අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය තුළ තමා දුටු දූෂිතම හොරා රවී කරුණානායක බව පැවසූ ඔහු මේ අවස්ථාවේ තමන්ට සජිත් ප්‍රේමදාසගේ නායකත්වය උවමනා බව ද ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල ඇමති සජිත් ප්‍රේමදාස සහ ඇමති රවී කරුණානායක අතර හටගත් ගැටුම පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවලට සීමා කරන ලෙස පක්ෂ නායක රනිල්  වික්‍රමසිංහ අවවාද කළ පසුබිමක සජිත් පාර්ශවය මෙම ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස