අර්ජුන් මහේන්ද්‍රන් ගැන නිල ලේඛන සිංගප්පූරුවට නොදෙන්නේ රනිල්ගේ අධිකරණ ඇමතිනි තලතා! (video)

March 22, 2019 at 7:50 am | by admin

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සිදු කළ යුතු සියලු දේ සිදුකර ඇතැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) ප‍්‍රකාශ කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා සිංගප්පූරු අගමැතිවරයාගෙන් ලිඛිතවත්, වාචිකවත් ඉල්ලීම් කර ඇති බවත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඉටුවිය යුතු දේවල් ඉටුකර ඇති බවත් මහින්ද අමරවීර සඳහන් කළේය. එසේම ජනාධිපතිවරයා ඉදිරියේ දී මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් රටට සහ සිංගප්පූරු රජයට ලබා දෙන බව ද ඔහු පැවසීය.

මහින්ද අමරවීර මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස අයවැය විවාදය අතර තුර මතු කළ කරුණක් සම්බන්ධයෙන් සිය ස්ථාවර ඉදිරිපත් කරමිනි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් ගතයුතු පියවර ගෙන ඇති බවත් උදර්පන නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල ඇත්තේ අධිකරණ අමාත්‍යංශයට බවත් ඉතිරි නෛතික පියවර ගතයුත්තේ අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ බවත් එතුමිය ඉන් වළක්වන්නේ කවුදැයි රටට හෙළිදරව් කළ යුත් බවත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස