පර්පෙචුවෙල් ලොක්කාට වෛද්‍ය නිර්දේශ නැතිවම ප්‍රතිකාර සඳහා රට යන්න අවසර!

February 5, 2019 at 10:26 am | by admin

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රී ජෝසෆ් ඇලෝසියස්ට ලබන 13 වනදා සිට සතියක කාලයක් සඳහා ඉන්දියාව බලා යාමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද අවසර ලබා දුන්නා ය. ඔහු අර්ජුන් ඇලෝසියස්ගේ පියාය.

ජෙෆ්රි ජොසප් ඇලෝසියස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාව සහ සිංගප්පූරුව බලා යාමට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට ඉන්දියාවට යාමට අවසර දීමට විරුද්ධ වී නැති අතර සිංගප්පූරුව බලා යාමට අවසර දීමට එරෙහි වී ඇත. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ අදාළ ප්‍රතිකාර සඳහා වෛද්‍ය නිර්දේශ ඉදිරිපත් කර නොමැති බවය.

ඒ අනුව ඔහුට ලබන 13 වනදා සිට 20 වනදා තෙක් ඉන්දියාවට යාම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන් අතර සිංගප්පූරුවට යාමට උවමනා නම් අදාළ වෛද්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස නීතිඥවරුන්ට දන්වා ඇත. බැඳුම්කර වංචාවට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද විදේශගත වූ අතර මෙතෙක් සොයා ගැනීමට ආණ්ඩුව සමත් වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *