ජනාධිපතිවරණය නෙමේ හැකි නම් ඇල්පිටිය දිනා පෙන්වනු! – පොහොට්ටුවෙන් සජිත්ට අභියෝගයක්…. (video)

September 27, 2019 at 1:55 pm | by emanisa.lk

ඇමති රිෂාඩ් බදියුදීන් සහ දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගැනීමට ඇමති සජිත් ප්‍රේමදාස එළඹුණු ගිවිසුම් මොනවා දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රශ්න කරයි.

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයකු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්ගෙන් රු. ලක්ෂ 50ක් නොගත්තේ නම් දිවුරුම් ප්‍රකාශයක් දෙන ලෙස ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක අභීයෝග කළේය.

ඊයේ දිනයේ ස්ථාන 50ක සිමෙන්ති බෙදූ බවත් 2015 ජනාධිපතිවරණ සමයේ මැතිවරණ දූෂණයක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වන්නේ නම් දණින් පහළ නොව ඔළුටම වෙඩි තබන්න යැයි කී මැතිවරණ කොමසාරිස්ගේ කොන්ද අද කොහිදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

හැකි නම් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවා ජයග්‍රහණය කර පෙන්වන ලෙසත් එවිට ඔක්තෝබර් 11 ප්‍රතිඵලය පිළිබඳ ජනතාවට සිතාගත හැකි බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස