අගමැති මෝදිගේ තමිල්නාඩු ගෝල‍ පිරිසක් වෙල්ලමුල්ලිවයිකාල්හි දී කොටි සමරති!

May 28, 2019 at 10:53 am | by admin

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) තමිල්නාඩු ප්‍රාන්තයේ මන්ත්‍රීවරු පිරිසක් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයට පැමිණ 27 දා සවස යුද්ධයෙන් මියගිය වැසියන් සිහිපත් කරමින් පහන් දල්වා ඔවුන්ට පින් අනුමෝදන් කොට තිබේ.

එම පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත මන්ත්‍රී අර්ජුන් සම්පත්ගේ ප්‍රධානත්වයෙන් යුත් මන්ත්‍රීවරු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාද්ශීය දේශපාලනඥයින් ඉන්දීය මන්ත්‍රීවරුන්ට යුද්ධයෙන් මියගිය පිරිස සමරා ඔවුන් වෙණුවෙන් පින් අනුමෝදන් කරවීමට සහය ලබා දී තිබේ.

මේ පින්කම පවත්වන ලද්දේ මුලතිව් වෙල්ලලුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිහිටුවා ඇති විශේෂ ස්මාරකය අභියසදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *