උද්ධික, අනුෂා සහ අර්ජුන් පොහොට්ටුවෙන් මහ ඡන්දෙට!

January 21, 2020 at 10:38 am | by emanisa.lk

කලාකරුවන් වන උද්ධික ප්‍රේමරත්න, අනුෂා දමයන්ති සහ අර්ජුන් කමලනාත් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙයි. ඔවුන් තිදෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින බව වාර්තා වෙයි.

උද්ධික අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද අර්ජුන් සහ අනුෂා දමයන්ති ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද තරඟ වැදීමට නියමිතය.

උද්ධික සහ අර්ජුන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටුවෙන් තරඟ වදින අතර අනුෂා දමයන්ති බෙන්තර ඇල්පිටියෙන් තරඟ වැදීමට අපෙක්ෂා කළ ද ඊට ප්‍රදේශයේ පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් විරෝධය පා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස