දුමින්ද පෝරකයට යවා උසස්වීමක් ඉල්ලූ පද්මිණී රණවක රටින් පනී!

January 9, 2020 at 8:11 am | by emanisa.lk

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක රටෙන් පළා යාමට සූදානමක් ඇති බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ ජාතික සංවිධායක ‍ප‍්‍රදීප් පෙරේරා සඳහන් කරන්නේ මේ බව තම සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු හරහා තහවුරු කරගත් බවයි.

තමනට අභියාචනාධිකරණ විනිසුරු ධුරය දක්වා උසස් වීමක් ලබා ගැනීමට උදවු කරන ලෙස හිටපු ඇමති රන්ජන් රාමනයකට බැගෑපත් වෙමින් ඒ සදහා සුදුසුකම් ලෙස දුමින්ද සිල්වාට මරණ දණ්ඩනය ලබා දීමට කටයුතු කල බවද සිහිපත් කරන හඬපපටයක් සමාජ ජාලයන්හි සංසරණය වෙයි.

මෙයට ‌‌පෙර අර්ජුන් මහේන්ද්‍රන්, නිශාන්ත ද සිල්වා වැනි අපරාධකාරයන් ද නීතියෙන් ගැලවී රටෙන් පළා ගියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස