මං කිසි වරදක් කරලා නෑ! අත්අඩංගුවට ගැනීම පදනම් විරහිතයි! – අර්ජුන් මහේන්ද්‍රන්

August 9, 2019 at 6:04 am | by emanisa.lk

තමන් අත්අඩංගුවට ගැනීම පදනම් විරහිත බවට සඳහන් කරමින් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක් යොමුකර තිබිණි.

කෙසේ වුවද එම අභියාචනය ජාත්‍යන්තර පොලිසිය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පවසයි.

බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන කළ ජනාධිපති කොමිසම තමන්ට කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ ද මෙයට පෙර පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස