සේවාදායකයා මහ බැංකුව කැඩුවේ තනියම නෙමේ! අනිත් හොරුන්ටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න! – ඇලෝසියස්ගේ නීතිඥයා

February 25, 2019 at 11:03 pm | by admin

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම මගින් ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳ සඳහන් කළ ද ඔවුන් පිළිබඳ මෙතෙක් පියවරක් ගැනීමට පොලිසිය අසමත් වී ඇතැයි පර්ෆකේචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු සභාපති අර්ජුන් ඇලෝසියස්ගේ නීතිඥයා අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම පුද්ගලයන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන්නැයි රහස් පොලිසියට නියෝග කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පැමිණිල්ල අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරි කැඳවූ අවස්ථාවේදීය. එහිදී රජයේ නීතීඥවරිය කියා සිටියේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බවත් එවැනි පුද්ගලයන් සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවය.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *