උගත්තු හැමෝම හොඳයි කියලා හිතන්නෙපා! බැඳුම්කර හොරකම කළෙත් උගත්තු තමයි! – ගම්මන්පිල

January 27, 2020 at 10:44 am | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයේදී, පාර්ලිමේන්තුවට ගැලපෙන සුදුසු පුද්ගලයන් පමණක් තෝරාපත් කර ගැනීම ජනතාව සතු වගකිමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

කළුතර ප්‍රෙද්ශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

බක්මහ අකුණු ළඟදීම එන බවත් පැවසු ගම්මන්පිල මහතා, එවැනි තත්ත්වයක් මත පාර්ලිමේන්තුවට අකුණක් ගසා 225 දෙනාම මිය යා යුතු බවට ඇතැම් පිරිස් මුහුණු පොත තුළින් අදහස් දක්වන බවත් පැවසීය.

225 දෙනා අතර කිසිවෙකු පැරෂුට්වලින් පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි ද පැවසු මන්ත්‍රීවරයා, අවම වශයෙන් 225 න් 196 මහජනතාව විසින් තෝරා පත් කර ගෙන ඇතැයි ද පැවසීය.

අනෙක් අය පක්ෂවලට ලද ඡන්ද අනුව ජාතික ලැයිස්තුවෙන් පත් කළ අය බවද පැවසු ඒ මහතා, එසේ නම් හොරුන්ට ඡන්දය දී හොරකම් කරනවා යනුවෙන් කෑ ගැසීමෙන් හෝ පිස්සන්ට ඡන්දය ලබා දීමෙන් “ඌ පිස්සු කෙලිනවා“ යනුවෙන් කෑ ගැසීමෙන් ඵලක් නොවන බවත් කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වංචාවට චෝදනා ලැබුවෙක් වුවත් ඔහු නීතිඥයෙක් බවත්, රවී කරුණානායක මහතා ගණකාධිකාරිවරයෙක් බවත්, අර්ජුන් මහේන්ද්‍රන් යනු ලෝකය පිළිගත් ඉහළ බැංකු නිලධාරීයෙක් බවත් කියා සිටි ගම්මන්පිල ඒ නිසාවෙන් උගතුන් සෑම විටම හොඳ අය බවට සිතිය නොහැකි බවත් කියා සිටියේය.

නූගත් මිනිහෙක් හොරකමක් කළ එහි බලපෑම ඉතා සුළු එකක් වුවත් උගතුන් එවැනි දෙයක් සිදු කළහොත් එහි බලපෑම පරම්පරා ගණනාවක් බලපානු ඇතැයි ද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස