බැඳුම්කර මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට නියෝග කරයි!

August 9, 2019 at 1:09 pm | by emanisa.lk

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කරන ලදී.

2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියකදී ජාතික ආර්ථිකයට රුපියල් බිලියන දස දහසකට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී අධිකරණය මගහැර සිටියි.

අර්ජුන් මහේන්ද්‍රන් මගුල්ගෙදරක යන බව පවසා සිංගප්පූරු ගිය පසු ආගිය අතක් නැතැයි පැවසෙයි. කෙසේ වුව ඔහු මෑතක දකුණු අප්‍රිකානු සඟරාවකට සම්ම සාකච්ඡාවක් ලබා දී තිබිණි.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ජාත්‍යන්තර පොලිසියට අභියාචනයක්ද යොමු කර තිබිණි. කෙසේ වුවද එය ප්‍රතික්ෂේප විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස