එජාප ආණ්ඩුවේ බැඳුම්කර ගනුදෙනු නිසා රජයට රු. මිලියන 9681ක් අහිමි වුණා! – හර්ෂ ද සිල්වා

February 2, 2020 at 10:37 pm | by emanisa.lk

පසුගිය එජාප ආණ්ඩුවේ බැඳුම්කර ගනුදෙනු නිසා රජයට රු. මිලියන 6633-9681ත් අතර පාඩුවක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

මෙය අනාවරණය වන්නේ මහ බැංකුව ලෝක ප්‍රසිද්ධ විගණන ආයතන දෙකක් සම්බන්ධ කරගෙන සිදුකළ වෝහාරික විගණනයට අදාළ වාර්තා මගින් බව ද ඔහු පෙන්වා දුන්නේය.

පක්ෂ දේශපාලනයට මුවා වී මේවා සැඟවිය නොහැකි බවත් නීතියට පටහැනිව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ක්‍රියා කිරීම නිසා රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා මෙම වංචාවලට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබා දිය බවත් අවධාරණය කළේය.

මෙම වෝහාරික විගණනය සිදුකළ ඉන්දියානු සමාගමේ ප්‍රධානියකු රහස් වාර්තා ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් මත ධුරයෙන් පහ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස