බැඳුම්කර මගඩියේ තව මෝරෙක් වන පී. සමරසිරි අත්අඩංගුවට! ඇලෝසියස්ට පලිසේනට ඇප දී හාල් මැස්සන් තිදෙනෙකුත් අල්ලයි!

March 25, 2019 at 8:31 am | by admin

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් මීට ටික වේලාවකට පෙර අත් අඩංගුවට ගෙන තිබේ.

මාස 14ක් ඇතුළත රු. මිලියන 9850ක් පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම බැඳුම්කර මගඩිය ඔස්සේ ලාභ ලබද්දි මහ බැංකු ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින් ඊට සහාය දුන් බවට චෝදනා නැඟෙන්නේ පී. සමරසිරිටය. ඔහු එහි දී මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අවශ්‍යතා අනුව කටයුතු කළ බව පැවසෙයි.

පී. සමරසිරි A SURVEY OF FINANCIAL SYSTEM නමින් 2017 වසරේ කෘතියක් ලියා ජනාධිපතිවරයාට පිළිගැන්වීය. මේ ඒ අවස්ථාවේ ගත් ඡායාරූපයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස