මහ බැංකු අධිපති පත් ජනාධිපති! නීතිය හා සාමය මට ලැබුණොත් මහ බැංකු හොරා සුටුස් ගාලා අල්ලනවා!- රංගෙ

March 20, 2019 at 9:19 am | by admin

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර පවසයි. තමන් නිර්දේශ කරන පුද්ගලයන් 100%ක් නිවැරදි ලෙස වැඩ කරනු ඇතැයි සිතිය නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

ආරක්ෂක අමාත්‍යංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ඇත්තේ ජනාධිපති යටතේ නිසා අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා ගත නොහැකි මන්දැයි ජනාධිපතිවරයා තමාගෙන් විමසා බැලිය යුතු යැයි මන්ත්‍රීිවරයා කියයි. නීතිය හා සාමය මාස දෙකක් තමා වෙත ලබා දුනහොත් අර්ජුන් මහේන්ද්‍රන් පමණක් නොව උදයංග වීරතුංගගේ ප්‍රශ්නය ද විසඳන බව හෙතෙම අවධාරණය කරයි.

තමන්ට ඇමති ධුරයක් ලබා නොදීම දේශපාලන පලිගැනීමක් බව ද පාලිත රංගෙබණ්ඩාර පවසයි.

අර්ජුන් මහේන්ද්‍රන් අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම මිතුරකු වන අතර ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් කිරීමට ජනපති මෙන්ම බොහෝ දෙනෙකු එරෙහි වූ අතර  එහි දී අගමැතිවරයා පෞද්ගලිකවම එහි වගකීම ගෙන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කළ බව ප්‍රසිද්ධ රහසකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස