අර්ජුන් මහේන්ද්‍රන් ගැන ප්‍රශ්න නොකළ NGOකාරයෝ රට රැකගත් ගෝඨාගේ පුරවැසිභාවය හොයනවා! ජනාධිපතිවරණයේ දී ජනතාව විශ්වාස කළ යුත්තේ NGO කඳවුරද රට රකින කඳවුරද? – TNL ප්‍රශ්න කරයි… (video)

October 2, 2019 at 10:35 am | by emanisa.lk

රටට විශාල හානියක් කර උසාවිය මගහැර රටෙන් පළා ගිය අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය ප්‍රශ්න නොකළ පිටරටවලින් ගලන මුදල් මත යැපෙන NGOකාරයන් ත්‍රස්තවාදයෙන් රට රැකගත් ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ අද ප්‍රශ්න කරන බව TNL රූපවාහිනිය පෙන්වා දෙයි.

අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති ධුරය ලැබුණේ ගාමිණි වියන්ගොඩ සහ ඉන්ද්‍රනාථ තේනුවර සහයෝගය ලබා දුන් මෛත්‍රී රනිල් ආණ්ඩුව යටතේ බව පෙන්වා දෙන එම නාළිකාව මුදල් මත සියල්ල තීරණය වන ලාංකේය සමාජයේ රාජ්‍ය නොවන සංවිධානවල පිහිටින් තම දිවි රැකගන්නා පිරිස් ද සිටින බව පවසයි.

උපන්බිමට වංචා කරමින් තම සාක්කුවට ලැබෙන මුදල දෙස බලා මෙම NGOකාරයන් කටයුතු කරන බවත් එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනතාව විශ්වාස කළ යුත්තේ උපන්බිම රකින කඳවුර ද NGO මත යැපෙන කඳවුර ද යන්න ජනතාව තීන්දු කළ යුතු යැයි එහි දී අවධාරණය කෙරිණි.

මෙම නාළිකාව රනිල් වික්‍රමසිංහගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහට අයත්ය. පසුගිය ජුනි මස 20 වෙනි දිනට යෙදුණු ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය සියලු ප්‍රමුඛ පෙළේ මාධ්‍ය නාළිකාවලට අමතක වෙද්දී ඔහු විසින් රටට සිදුකළ මෙහෙවර සිහිපත් කරමින් සිය ප්‍රවෘත්ති විකාශය තුළ ඉඩක් වෙන් කිරීමට ද TNL කටයුතු කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස