වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ඇතුළු දෙමළ මුස්ලිම් ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට තීන්දු කර තිබේ.
ඊයේ (14) වව්නියාවේ මන්ත්‍රීවරයාගේ නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
වව්නියාව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුමාස්වාමී වව්නියාව දකුණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති එස්. මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.
Copyright © 2026 emanisa.lk