පොහොට්ටුවේ උඩරට තරුණ සමුළුවට මුරලිගේ බිරිඳත් එයි!

October 5, 2019 at 10:13 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උඩරට තරුණ සමුළුව අද (05) පෙරවරුවේ කොළඹදී පැවැත්විණි.

එම අවස්ථාවට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ බිරිඳ මදිමලර් රාමමූර්ති ද එක් විය. එහිදී අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ ඉදිරියේදි ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කරන බවය. එමෙන්ම වතු ආර්ථිකයෙන් ඔබ්බට ගිය ආර්ථිකයක් රට තුළ ඇති කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

දෙමළ ජනයා ඝාතනය කළ බවට බොරු චෝදනා එල්ල කරමින් වැරදි මතයක් ඇති කිරීමට උත්සහ කරන නමුත් කිසි විටකත් තම පාර්ශවය යුද්ධය ආරම්භ නොකළ බවත් එය අවසන් කරමින් ඝාතන නතර කළ බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *