සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සා මමයි!

March 21, 2019 at 10:34 am | by admin

සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සා තමන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි. රට පිළිබඳ නිවැරදි මතයක් ජාත්‍යන්තරට නොගිය බව පෙන්වා දෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා පිටරටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාව රට සම්බන්ධයෙන් වැරදි මතයක් ජාත්‍යන්තරයට ගෙන ගිය බවත් එය අවාසනාවක් බවත් අවධාරණය කළේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ, නාරහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (20) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙසයි.

පොදු ජනපෙරමුණේ දේශපාලන පදනම මුල් කර ගනිමින් ජනාධිපතිවරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස