අන්තවාදීන් වගේම රටම ගඳ ගස්සන රාජිත සහ චතුරත් පොහොට්ටුවට ගන්න එපා! – අනුරපුර වේදිකාවේ සිට මහාචාර්ය චන්න ජයසුමන කියයි…

October 9, 2019 at 6:52 pm | by emanisa.lk

මේ රටේ වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, විශ්වවිද්‍යාල ආචාර්ය ආදී සියලු උගත් වෘත්තිකයන් 90%කට වඩා එළඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට තීන්දු කර හමාර බව රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

රට ගොඩනඟන එම කඳවුරට මේ රටට ආදරය කරන සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම අයකුට එකතු විය හැකි බවත් ඔවුන් පිළිගැනීමට තමන් සූදානම් බවත් සඳහන් කළ ඔහු මේ රටේ සුළු වාර්ගික ජන කොටස්වලට හොඳම සෙවණ තම කඳවුර බව ද සිහිපත් කළේය.

එහෙත් එම කඳවුරේ අන්තවාදීන්ට කිසිදු ඉඩක් නොමැති බවත් අන්තවාදීන්ට මෙන්ම රටම ගඳ ගස්සන තාත්තා පුතා ද සිය කඳවුරට එකතු කර ගැනීමට සිය කඳවුර නියෝජනය කරන සියලු වෘත්තිකයන් විරුද්ධ බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස