ගෝඨාගේ හෘද සැත්කම කළ වෛද්‍ය සිවදාසන්ට ජනපතිගෙන් සම්මාන!

August 20, 2019 at 10:53 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට හෘද සැත්කම කළ සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් රෝහලේ හෘද හා උරස් සැත්කම් විශේෂඥ ශල්‍ය වෛද්‍ය කුමාරස්වාමී සිවදාසන්ට ශ්‍රී ලංකා ජනරංජන සම්මානය ප්‍රදානය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ (19) පැවති මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පිදීමේ උත්සව සභාවක දී ඔහුට එම සම්මානය ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ වෛද්‍ය සිවදාසන් 1983 කළු ජූලිය සමග විදෙස්ගත වීම නිසා මව්බිමට අහිමි වූ සම්පතකි. කළු ජූලිය සමග දළු ලා වැඩුණු කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටනට නායකත්වය ලබා දුන් පුද්ගලයකු වන ගෝඨාභය රාජපක්ෂගේ හෘද සැත්කම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතික වෛද්‍යවරයකු විසින් සිදුකිරීම ද සුවිශේෂය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස