ඔබ සමග මේ ගමන යන්න අපි සූදානම්! – මුස්ලිම් ජනතාවත් ගෝඨා වටා එක්වෙයි!

March 3, 2019 at 7:43 am | by admin

ගෝඨාභය රාජපක්ෂ මේ රටට මෙන්ම මුස්ලිම් ජනතාවට ද ආදරය කරන අපූරු චරිතයක් බවත් ඔහු සමග මේ රට දියුණු කරන ගමන යාමට මුස්ලිම් ජනතාව සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උඩුනුවර ආසන සංවිධායක ඒ.එල්.එම්. ෆාරිස් පවසයි. සිය ජීිවිතයේ පළමු වතාවට දේශපාලන සභාවකට ගොඩ වූයේ මේ අවස්ථාවේ බවත් එය ද අනාගත ජනාධිපතිවරයා ඉදිරියේ සිදුවීම මහත් සතුටක් බවත් හෙතෙම පැවසීය.

ඒ මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පැවති එළිය සම්මන්ත්‍රණයේ දීය.

ගෝඨාභය රාජපක්ෂ සිය අමාත්‍යංශවල ලේකම්වරයා ලෙස පත් කරන ලෙස රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි බවත් එමගින් මේ රටේ ජනතාව නීතිය, විනය, යුක්තිය සහ සුපිරි කළමනාකාරීත්වයට කැමති බව තහවුරු වන බවත් ආචාර්ය මොහොමඩ් ෆෙරෝස් මජීඩ් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ එහි දී ප්‍රකාශ කළේ සියලු ජනතාවට සිය ආගම අදටත් වඩා නිදහසේ අදහමින් කුඩු කාරයන්ට සිය දරුවන් බිලි නොදී පාතාළයන්ට කප්පම් නොදී ජීවත් විය හැකි අලුත් රටක් නිර්මාණය කරන බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස