ගෝඨාට නඩු දාන්න කොන්සල් ජනරල් කාර්යාලය සම්බන්ධ නෑ! කොන්සල් ජනරල් හිරුණිකාගේ නැන්දා මට කිව්වා! – ඇමති රාජිත

April 12, 2019 at 10:05 pm | by admin

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නැතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද (12) උදෑසන ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණි හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ ඔහුට එරෙහිව දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ NGO සංවිධානයක් නඩු ගොනු කිරීම මෙහෙය වූයේ කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය බවය.

කෙසේ වුවද අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ එහි කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සහෝදරිය තම කාර්යාලය මෙම නඩු කටයුතුවලට සම්බන්ධ නැතැයි පැවසූ බවය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සහොදරිය යනු හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නැන්දාය. භාරත ලක්ෂ්මන් ඝාතනය වූ ගැටුමේ අනිත් පාර්ශවයට නායකත්වය දුන්නේ දැනට මරණ දඬුවම් ලැබ සිටින දුමින්ද සිල්වාය. ඔහු එවක ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස කටයුතු කළ අතර ගෝඨාභය රාජපක්ෂ එහි ලේකම් ලෙස කටයුතු කළේය. මෙම ගැටුමේ ප්‍රතිඵලය ලෙස ප්‍රේමචන්ද්‍ර පවුල රාජපක්ෂ විරෝධීන් බවට පත් වූ අතර මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රත්මලාන එජාප සංවිධායක ලෙස කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස