ගෝඨා ඝාතනයට ඩයස්පෝරාවෙන් පාතාළයට කොන්ත්‍රාත්තුවක්! අධික මිලක් ගෙවා යෙදවූ තුවක්කුකරුවන් රට පුරාම සැරිසරයි! ගෝඨාගේ ආරක්ෂාව තරකරන්නැයි වෛද්‍ය සින්නයියා ඉල්ලයි!

August 28, 2019 at 12:18 pm | by emanisa.lk

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව දැඩි කරන ලෙස පලෙයි රෝහලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් වෛද්‍ය සින්නයියා ශිවරූබන් විසින් යාපනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය දා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් සිදුකරන ලබන ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව විසින් තුවක්කුකරුවන් පිරිසක් යොදවා ඇති බවත්, දෙමළ ඩයස්පෝරාවට ඝාතනය කිරීමට අවශ්‍ය පුද්ගලයින් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් ලවා කරවා ගැනීම දුෂ්කර නිසා ඔවුන් ඒ සඳහා පාතාල සාමාජිකයින් යොදවා මෙම ඝාතන සැලැස්ම සැලසුම් කර ඇති බවද මෙහිදී සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් හමුවේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් අධික මුදලක් පාතාල සාමාජිකයින්ට ගෙවීම සදහා කටයුතු සූදානම් කර ඇති බවටද මෙහිදී ඔහු හෙළිදරව් කොට ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අමතරව හිටපු අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද සහ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන දෙදෙනාද ඝාතන ලයිස්තුවේ සිටින බව සින්නයියා ශිවරූබන් වෛද්‍යවරයා යාපනයේදී ඔහුගෙන් ප්‍රශ්න කරන යාපනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයේ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

මෙම වෛද්‍යවරයා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ කරුණු අනුව පසුගිය 26 වෙනිදා පලෙයි පොලිස් වසමේ කරන්ඩිය ප්‍රදේශයේ සඟවා තිබු ඒ.කේ.47 වර්ගයේ ගිනි අවියක්, එම අවිවලට යොදා ගනු ලබන මැගසින් දෙකක්, සජීවී පතොරම් 120ක්, ජිව අත්බෝම්බ 11ක්, PE 10 වර්ගයේ බවට සැකකෙරෙන පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක්, දුර දක්නයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසියට හැකිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස