ගෝඨා මේ රට සිංහල බෞද්ධ කියලා පිළිගන්නවා! සැබෑ දෙමළු ගෝඨාට ඡන්දේ දෙන්නේ නෑ! – විග්නේශ්වරන්

August 18, 2019 at 3:20 pm | by emanisa.lk

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සැබෑ දෙමළ ජාතිකයකු නම් ඡන්දය ලබා නොදෙන බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පැවසීය.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනයේ පිහිටි නිවසේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේශ්වරන් මෙසේ ද කීය.

‘සැබවින්ම දෙමළ ජාතිකයකු නම් කිසිදිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබාදෙන්නේ නැහැ. මේ වන විටත් ඔහුට නඩු දෙක තුනක් තියනවා. ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස සිතන කෙනෙක් එය තහවුරු කරන්න ඔහු ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරයි.

එමෙන්ම ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව සිතන කෙනෙක් නෙමෙයි. එවැනි පුද්ගලයකු ජනාධිපති අපේක්ෂක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළැයි ද යන්න නම් දන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් දෙමළ වැසියන්ට අඳුරු යුගයක් උදාවෙනවා. ඒ නිසා ඔහුට ඡන්දය ලබා දෙන්න කියලා කියන්නෙත් නැහැ. කිසිම තැනක කියලත් නැහැ. ඒ මගේ ස්ථාවරය”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස