රටේ ආරක්ෂාවට මුල්තැන හිමි විය යුතුයි! උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවත් ගෝඨාභයටයි! – විනයාගමූර්ති මුරලිදරන්

August 13, 2019 at 8:52 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරය නිසා උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය පාවිච්චි කරනා බව හිටපු අමාත්‍ය සහ නැගෙනහිර හිටපු කොටි නායක විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) 11 වෙනිදා පැවසීය.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිධුර අපේක්‍ෂකයා ලෙස නම් කිරීම ගැන ද උතුරු නැගෙනහිර ජනතාව සතුටට පත්ව සිටින බව ද හෙතෙම තවදුරටත් කීවේය.

රටේ ආරක්‍ෂාවට මුල්තැන හිමිවිය යුතු බව පැවසූ කරුණා අම්මාන් උතුරු නැගෙනහිර ජනතාව හිටපු ආරක්‍ෂක ලේකම්ව අපේක්‍ෂා කළ බව ද පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස