ගෝඨාභය ජනාධිපති සිහින අත් හරින්න ඕන! -2010 ෆොන්සේකාට ඡන්දය දුන් දෙමළ සන්ධානය…(video)

March 26, 2019 at 3:49 pm | by admin

දෙමළ සන්ධානය මෙවර අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කළහොත් හෝ ඡන්දය ලබා දීම වර්ජනය කළහොත් ආණ්ඩුව පැරදී මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණෙන නිසා එය වැළැක්වීමට අයවැයට පක්ෂව ඡන්දය ලබා දී ආණ්ඩුව ආරක්ෂා කරන බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසයි.

දෙමළ ජනතාව 140 000ක් සමූල ඝාතනය කර ජන සංහාරයක නිරත වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට බලාපොරොත්තුවෙන් ඉන්නා බවත් ඔහු ඒ සිහිනය අත්හළ යුතු බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

කෙසේ වුවද 2010 ජනාධිපතිවරණය අවස්ථාවේ ඔවුන් යුද්ධය නිමා කරන අවස්ථාවේ යුද හමුදාපති ධුරය දැරූ සරත් ෆොන්සේකා වෙනුවෙන් ඡන්දය ලබා දුන්නේය. ඒ දකුණේ එජාප හිතවාදීන් යුද්ධය කළේ ගෝඨාභය නොව ෆොන්සේකා යැයි උත්කර්ෂයට නංවන පසුබිමකය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස