ඊළාම්, ෆෙඩරල් බෙදුම්වාදි දොළ පිදේනී වරදාන කිසිවක් නෑ! ඩග්ලස් දේවානන්දගේ සහායත් රට ගොඩනඟන ගෝඨාභයටයි!

August 16, 2019 at 8:29 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන බව ඊ. පී. ඩී. පී. පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්ද ඊයේ (15) පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“අපි නියෝජනය කරන ජනතාවගේ අවශ්‍යතාව ඒ අයගේ ගැටලු ආදිය පිළිබඳ සලකා බලලා තමයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපිට තීරණයක් ගන්න වෙන්නේ. මහින්ද රාජපක්ෂ සමග අපි දීර්ඝ කාලයක් එකට කටයුතු කළා. එතුමා අපි පිළිගන්න නායකයෙක්. අපේ ප‍්‍රශ්නවලට අනිත් අයට සාපේක්ෂව එතුමන් කන් දීලා තියෙනවා. එතුමා නියෝජනය කරන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදියට ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරලා තියෙනවා.

අපි ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කළ යුතුයි. අපේ ජනතාවගේ ප‍්‍රශ්න ගැටලු පිළිබඳ එකඟතාවකට පැමිණිය යුතුයි. ඔහු මේ වනවිට ප‍්‍රකාශ කරලා තියෙනවා දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට සූදානම් කියලා. රට ඉදිරියට ගෙනියන්න නම් ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයෙක් අවශ්‍ය බවට රටේත් මතයක් තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයත් සමග සහයෝගයෙන් කටයුතු කරන නිසා අපේ අවශ්‍යතා ඉටුකරන්න එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ඇතැයි කියා මම හිතන්නේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස