විදේශීකයන් සතු කර ඇති සියලුම ආර්ථික මර්මස්ථාන නැවත පවරා ගන්නවා! ජාතික ආරක්ෂාව තහවුරු කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනඟනවා! – ගෝඨා

September 8, 2019 at 8:35 am | by emanisa.lk

මහින්ද රාජපක්ෂ රජයක් විසින් කිසිම දිනක රටට ආර්ථිකමය වශයෙන් වැදගත් වරාය ගුවන් තොටුපළ වැනි මර්මස්ථාන අන්සතු නොකළ නමුත් අද වන විට ආර්ථිකමය වශයෙන් වැදගත් මර්මස්ථාන විදේශිකයන් සතු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

අද (07) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති මහජන එක්සත් පෙරමුණේ සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව විවිධ බලවතුන්ගේ බලපෑම්වලට යටතව ඇති බවත් මෙම බලපෑම්වලින් මිදීම සඳහා ඇතැම් රටවල් සතුටු කිරීමට නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ එහිදී අවධාරණය කළේය.

සිය ආණ්ඩුවක් යටතේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බව සඳහන් කළ විට විරුද්ධවාදීන් අප දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ නිදහස අහිමි කිරීමට සූදානම් වන බවට ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යන බව ද ඔහු සඳහන් කළේය.

2009 මේ රටේ ත්‍රස්තවාදය අවසන් කර උතුරු නැඟෙනහිර ජනතාවට නිදහස සහ ආර්ථික සංවර්ධනය ද රැගෙන ආවේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ බවත් තම ආණ්ඩුවක් යටතේ ත්‍රස්තවාදය අවසන් කළා මිස ආරම්භ නොකළ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා කීවේය.

ඉදිරියේදී පිහිටු වන ආණ්ඩුවක් යටතේ විදේශිකයන්ට ලබා දී ඇති ආර්ථියමය වශයෙන් වැදගත් ස්ථාන යළි මෙරට පාලනයට පවරා ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බවට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙහිදී වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස