එජාප/ජවිපෙ පාක්ෂිකයන්ට සතුටුදායක පුවතක්!ගෝඨාට නඩු සිය ගණනින් දාන්න යැයි බ්‍රිතාන්‍ය කොටි මන්ත්‍රී දෙමළ ජනතාවගෙන් ඉල්ලයි!

April 12, 2019 at 7:44 am | by admin

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව සිය ගණන් නඩු ගොනුකරන ලෙස බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාවට හිතැති මන්ත්‍රී පෝල් ස්‌කලි එරට ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා ඇත.

කැනඩා ද්‍රවිඩයකු විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මේ වනවිට නඩුවක්‌ ගොනු කර ඇති බව පවසන පෝල් ස්‌කලි බ්‍රිතාන්‍ය ද්‍රවිඩයන් ද එම ක්‍රියාදාමය අනුගමනය කළ යුතු බව තවදුරටත් කියා සිටී.

බ්‍රිතාන්‍යයේ සර්ව පාක්‍ෂික මන්ත්‍රී කමිටුව මෙහෙයවන පෝල් ස්‌කලි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් මේ ඉල්ලීම කර ඇත.

මෙයට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණි පෝල් ස්‌කලි ශ්‍රී ලංකා හමුදාව අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යන ලෙස ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස