අන්තවාදීන් ගෝඨාට පූට්ටු කරන ගරිල්ලා මාර්කටිං මාධ්‍ය මෙහෙයුමක්!

October 13, 2019 at 8:24 am | by emanisa.lk

අධිකරණයට ගොස් බොරු නඩුවක් පටලවා ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් කළ නොහැකි වූ ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද පදනම දුර්වල කිරීම සඳහා මේ වන විට විවිධ කුමන්ත්‍රණ දියත් වෙමින් ඇති බවට ඉතාම විශ්වාස කටයුතු තොරතුරු අප වෙත ලැබී තිබේ.

ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස ජනාධිපති අපේක්ෂකයන් තිස් ගණනක් ඉදිරිපත් වී ඇත්තේ මෙහි එක් පියවරක් ලෙසය. එසේම ගෝඨාභය රාජපක්ෂට පක්ෂපාතී සමාජජාලා පළකිරීම් යටපත් කිරීමට සහ සජිත් ප්‍රේමදාස ප්‍රවර්ධනය කරන පලකිරීම් ඉස්මතු කිරීමට ඉන්දියානු කණ්ඩායමක් ලංකාවට පැමිණ ඇත්තේ මෙරට ගරිල්ලා මාර්කටිං මාධ්‍ය කලාවේ කප් ගැසූ කුප්‍රකට කුරුඳු පොලු ඇමතිවරයාගේ පූර්ණ අනුදැනුම ඇතිවය. එසේම සජිත් ප්‍රේමදාස සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල රු. ලක්ෂ 2000කි.

මධ්‍යස්ථ මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් ගෝඨාභය රාජපක්ෂට එරෙහි මාධ්‍ය මෙහෙයුම් දියත් කිරීම එහි තවත් ඒ සඳහා රු. ලක්ෂ ගණනින් ගෙවා මිලයට ගත් මෙම යූ ටියුබ් නාලිකා හිමිකරුවන් යොදා ගෙන තිබේ. සජිත් ප්‍රේමදාසගේ නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන නිලධාරියකුගේ පුතෙකු බව කියන පුද්ගලයෙක් ද ඒ අතර වෙයි. බුදුන් මිනි මස් කෑ බව කී අබ්දුල් රාසික් ගෝඨාභයට සහාය දෙන බව ප්‍රකාශ කරන සාකච්ඡාව ඔහු විසින් සිදුකරන ලද්දකි.

මෙයට පෙර රංජන් රාමනායක සමග භික්ෂූන් වහන්සේලාට චීවරධාරීන් යැයි අමතමින් භික්ෂූන් වහන්සේලා ළමා අපචාරකාරයින් බවට හංවඩු ගසමින් සාකච්ඡාවක් කළේ ද මොහුය. එයට අමතරව හලාල් විරෝධී සටනට එරෙහි ද මොහු කටයුතු කළේය.

මේ අවස්ථාවේ අබ්දුල් රාසික් ගෝඨාට සහාය දක්වන්නේ යැයි මොවුන් සමාජගත කරවන්නේ ගෝඨාට හිමි සිංහල බෞද්ධ සහ කතෝලික ඡන්ද පදනම කඩා දැමීමටය. එසේම ගෝඨාභය වටා වේගයෙන් ඒකරාශී වන මුස්ලිම් අන්තවාදයට එරෙහි මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව දුර්මුඛ කිරීමටය.

ඕනෑම පුද්ගලයකුට මම ගෝඨාභයට කැමති යැයි ගෝඨාභයට සහාය දෙමියි කිව හැකිය. එය කිසිවකුට වැළැක්විය නොහැකිය. එහෙත් එමගින් එම අන්තවාදීන්ට ගෝඨාභය කැමති බවක් හෝ එම අන්තවාදීන්ට ගෝඨාභයගෙන් කිසිම බුරුලක් ලැබේ යැයි හෝ සිතිය යුතු නැත.

එහෙයින් එජාපයට හිතැති අබෞද්ධයකු බව කියන පුද්ගලයකු ගෙන යන මාධ්‍ය මෙහෙයුම්වලට කිසිවකු කලබල විය යුතු නැති අතර කිසිවකු ඊට ගොදුරු වීම ද අඥාන ක්‍රියාවකි. මොවුන් ව්‍යාජ පුවත් නිර්මාණය කර ආරක්ෂා කිරීමට උත්සාහ කරන්නේ 97 වතාවක් අනතුරු අඟවා තිබිය දී පාස්කු ප්‍රහාරය එල්ල වන්නට ඉඩ දී සිය ගණනක් මරා දමා අනතුරුව එම අන්තවාදයේ මහ මොළකරුවන් ආරක්ෂා කළ ආණ්ඩුව බව කිසිවකු අමතක නොකළ යුතුය.

අබ්දුල් රාසික් මෙන්ම බුදු දහමට, මහා සංඝ රත්නයට, රණ විරුවන්ට නින්දා අපහාස කළ, මුස්ලිම් අන්තවාදයේ ගෝඩ් ෆාදර්ලා ලෙස කුප්‍රකට දේශපාලකයන් සහ NGOකාරයන් අද ඒකරාශී වී සිටින්නේ කුමන අපේක්ෂකයා වටාදැයි අවබෝධ කර ගැනීම කිසිවකුට අපහසු දෙයක් නොවේ. අප ගෝඨාභය රාජපක්ෂ දෙස බැලිය යුත්තේ අන්තවාදය ත්‍රස්තවාදය හමුවේ ඔහුගේ අතීත භාවිතාව අනුව මිස සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්ලාන්ට් කළ ව්‍යාජ ප්‍රවෘත්ති අනුව නොවේ.

ඉඳුනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස