උතුරු නැඟෙනහිර ඡන්ද මල්ල අපේ අතේ! අපට සිංහල ඡන්ද ඕන 20%යි! – සජිත් දිනන සූත්තරේ රාජිත කියයි…. (video)

September 30, 2019 at 1:04 pm | by emanisa.lk

එළඹෙන මැතිවරණයේ දී උතුරු නැඟෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද 30%ම හිමි වන්නේ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

එහෙයින් එජාප අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා දකුණින් අවශ්‍ය වන්නේ 20%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව ඔහු අවධාරණය කරයි.

එහෙත් ප්‍රතිවාදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ඡන්ද ලබා ගැනීම ආරම්භ කළ යුත්තේ බිංදුවේ සිට බවත් උතුරු නැඟෙනහිර පැත්ත පළාතක ඔහුට යා නොහැකි බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

ඔහු මේ අදහස් දැක්වූයේ ඊයේ (30) ඇල්පිටිය එජාප බලමණඩලය අමතමිනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස