ඇමති හකීම් මල්වතු නාහිමිටත් බොරු කියයි! හකීම් රිල්වාන් බලන්න ගියේ බෝම්බේ පිපිරුණු වෙලාවේ!

October 23, 2019 at 1:36 pm | by emanisa.lk

2015 මහා මැතිවරණයට පසු නැඟෙනහිර පළාතේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සොයා බැලීමට තමා එහි ගිය අවස්ථාව වැරදි ලෙස ජනතාව අතරට ගෙන ගොස් ඇතැයි ඇමති රවුෆ් හකීම් පවසයි.

ඔහු ඊයේ (22) මල්වතු පාර්ශවයේ නායක තිබ්බොටුවාවේ සුමංගල හිමි බැහැදැකීමට ගොස් මේ බව ප්‍රකාශ කළේය.

එලෙස නැඟෙනහිර සංචාරය කළ අවස්ථාවේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා රෝහල්ගතව සිටි පිරිස බැලීමට තමා රෝහලට ගිය බවත් එහි සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් එහි සිට ඇතැයි ද තමා එය නොදැන සිටි බව ද හෙතෙම පවසයි.

ඇමති හකීම් සහරාන් සමග සිටින ඡායාරූපය නිකුත් වූ අවස්ථාවේ ද ඔහු කීවේ එය ද අහම්බෙන් සහරාන් හමූ අවස්ථාවක් බවත් තමා ඔහු නාඳුනන බවත්ය. කෙසේ වුවද 2015 මහා මැතිවරණය අවස්ථාවේ සහරාන් හකීම්ට සහාය ලබා දී තිබිණි.

කෙසේ වුවද රිල්වාන් සමග ඇමති හකීම් සිටින ඡායාරූපය ගෙන ඇත්තේ ඒ අවස්ථාවේ නොව කාන්තන්කුඩි ප්‍රදේශයේ රහසිගත කඳවුරකදී රිල්වාන් බෝම්බයක් අත්හදා බැලීමට ගොස් පිපිරුණු අවස්ථාවේ බව එම ඡායාරූපය නිරීක්ෂණය කරන විට අවබෝධ වෙයි.

එම බෝම්බ පිපිරීමේ දී රිල්වාන්ගේ එක ඇසක් මෙන්ම අතක ඇඟිලි ද අහිමි වූ බවත් ආරක්ෂක අංශවල ඇස් වසා ප්‍රබල දේශපාලකයකු අනුග්‍රහය ඇතිව රිල්වාන් කොළඹ පිහිටි මුස්ලිම් වෛද්‍යවරයකුට අයත් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා දී ඇති බවත් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

ඇමති හකීම් රිල්වාන් සමග පෙනී සිටින ඡායාරූපයේ රිල්වාන්ගේ ඇසක් මෙන්ම අතක් ද වෙළා ඇති ආකාරය පැහැදිලිව දැකිය හැකිය. පාස්කු ප්‍රහාරයට දින තුනකට පසු කාන්තන්කුඩි ප්‍රදේශයේ ආරක්ෂක අංශ සමග ගැටී රිල්වාන් ජීවිතක්ෂයට පත්විය.

මෙම ඡායාරූපයේ ඇමති හකීම්ට දකුණු පසින් සිටින්නේ එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකු වන ෂිබ්ලි ෆාරුක්ය. ඔහු සහරාන්ගේ සමීපතයකු වන අතර බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහරාන්ගේ බිරිඳ අම්පාර රෝහලට පැමිණ බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කළේ මොහුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස