ආණ්ඩුව මුස්ලිම් ජනතාවට එරෙහි වෛරී ප්‍රකාශ සහ ක්‍රියා පාලනය නොකළ නිසා ඉල්ලා අස්වුණා! – හකීම් ජාත්‍යන්තරය ගිනි තියයි…

June 6, 2019 at 11:58 am | by emanisa.lk

ඇතැම් භික්ෂූන් වහන්සේලා සිදු කළ වෛරී ප්‍රකාශවලට එරෙහිව ආරක්ෂක අංශ හෝ ආණ්ඩුව කිසිදු පියවරක් නොගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අරවුෆ් හකීම් ඕස්ට්‍රේලියාවේ ABC රේඩියෝව වෙත පවසා තිබේ.

මෑතක නිදහස ලැබූ භික්ෂූවක් ද ඒ අතර සිටින බවත් මේ නිසා පාස්කු ප්‍රහාරයට පසු මුස්ලිම් ව්‍යාපාර මෙන්ම ජන ජීවිතය ද අඩාල වී ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

තමා ඇමතිවරයකු ලෙස ආණ්ඩුවේ සිටිය ද මුස්ලිම් ජනතාව රැක ගැනීමට නොහැකි වූ බවත් සිය සහෘදයන් වෙනුවෙන් සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ බවත් ඔහු පවසා තිබේ.

මෙම වෛරී ප‍්‍රකාශ, වර්ගවාදී කටයුතු, වෛරී ක්‍රියා පාලනය කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බව ද වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

කෙසේ වුවද චෝදනා එල්ල වූයේ මුස්ලිම් ජනතාවට හෝ සියලු මුස්ලිම් ඇමතිවරුන්ට නොව ඇමති රිෂාඩ් බදියුදීන්ට සහ සාලි සහ හිස්බුල්ලා ආණ්ඩුකාරයන්ට පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස