අයවැයේදී පොරොන්දු වූ විදිහට කල්මුණේට දෙමළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් දියවු! අධිකරණ නියෝග බල්ලාට දමා විග්නේශ්වරම් විරෝධතා පාගමනක!

April 20, 2019 at 4:03 pm | by admin

කල්මුණේ ප්‍රදේශයේ දෙමළ ජනතාව සඳහා වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ඉල්ලා උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් හෙට (21) මඩකලපුවේ සිට අම්පාරට විරෝධතා ගමනක් සංවිධානය කර තිබේ. මේ වන විට ඊට එරෙහිව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් පැනවුවද තමන් ඊට අවනත නොවන බව දෙමළ ඩයස්පෝරාව සිය මාධ්‍යවල ප්‍රචාරය කරමින් සිටියි.

පසුගිය අයවැයට ඡන්දය ලබා දීමට නම් කල්මුණේ සඳහා වෙනම දෙමළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලබාදිය යුතු බවට දෙමළ සන්ධානය කොන්දේසියක් පැනවූ අතර ආණ්ඩුව ඊට එකඟ විය. කෙසේ වුවද එම අවස්ථාවේ නැගෙනහිර මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයන් වන රහූෆ් හකීම්, බදූර්දීන් ඊට එරෙහි වූ බව සැල විය. මේ වන තෙක් එය ඉටු නොවීමට විරෝධය පාමින් මෙම විරෝධතා ගමන සංවිධානය කර තිබේ.

1989 සිට කල්මුණේ දෙමළ උප ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් ක්‍රියාත්මක වන අතර ඒ කොටි සංවිධානය බලහත්කාරයෙන් රාජ්‍ය නිලධාරීන් යොදා ගෙන ඇති කළ එකකි. දෙමළ සන්ධානය කල්මුණේ දෙමළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ඉල්ලා සිටින්නේ උතුරු නැගෙනහිර නැවත ඒකාබද්ධ කිරීමේ ගමනේ පළමු පියවර වශයෙන් බව ඔවුන් පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස