රටත් රට වැසියොත් ආරක්ෂා කරන්න බැරි ආණ්ඩුව වහාම ඉල්ලා අස්වනු! – ගෙවිඳු කුමාරතුංග

April 23, 2019 at 11:53 am | by admin

තුන් සියයකට අධික ජීවිත අහිමි කළ කොටි ත්‍රස්තවාදය පැවති සමයේ පවා සිදු නොවූ ආකාරයට විදේස් සංචාරකයන්ගේ ජීවිත තිස් ගණනක් අහිමි කළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය ඉතාම පහසුවෙන් වළක්වාගත හැකිව තිබූ බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

පසුගිය ඔක්තෝබර් මාසය වන විට වත්මන් දුර්වල පාලකයන්යට තව දුරටත් මේ රට පාලනය කළ නොහැකි බව සක්සුදක් සේ පැහැදිලි වී තිබිය දීත් කොටින්ට උඩගෙඩි දුන් දෙමළ සන්ධානයේ සහයෙන් අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට හිස නමමින් කෘත්‍රිම ලෙස එජාප ආණ්ඩුවේ ආයුෂ දීර්ඝ කිරීම මෙම ප්‍රහාරයට මූලික හේතුව බව ඔහු පෙන්වා දෙයි.

ඒ අවස්ථාවේ ජනතාවට අභිමත ආණ්ඩුවක් පත් කරගැනීමේ අයිතිය අහිමි කළ එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය, හකීම් සහ බදූර්දීන්ගේ මුස්ලිම් පක්ෂ සහ NGO කල්ලි මෙම විනාශයට වගකිව යුතුය. පොලිස්පති ආරක්ෂක ලේකම් පමණක් නොව සම්මුතිවාදී ආණෟඩුවේ සියලු පාර්ශවකරුවන් වහාම ඉල්ලා අස් වී තමන්ට අභිමත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනතාවට දැන්වත් ඉඩ දිය යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස