සුළු වාර්ගික පක්ෂ හමුවේ රනිල් මෙල්ල වෙයි! එජාප නව පෙරමුණු මංගල හමුව කල්යයි!

August 4, 2019 at 9:35 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග එකතු වී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යනුවෙන් අත්සන් කිරීමට සූදානම් වූ නව සන්ධාන සමුළුව හෙට (05) පැවැත්වීම ඊයේ රාත්‍රී රැස් වූ පක්ෂ නායකයන් විසින් කල් දමා ඇතැයි වාර්තා වෙයි.

මෙම සන්ධාන ව්‍යවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් අකමැති අතර නව සන්ධානය ගොඩනැඟීමට පෙර පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

කෙසේ වුවද ඔවුන්ගේ අදහසට එජාප නායකයාගේ අනුකූලභාවයක් නොලැබුණු අතර අනතුරුව රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් ද ගිවිසුමට අත්සන් කිරීමට අකමැති වූහ.

මේ සමග අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ රාත්‍රී තමා හමු වූ එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට පවසා තිබුණේ සුළු වාර්ගික පක්ෂ ගිවිසුම්ගත වීමට දැඩි ලෙස අකමැති වන්නේ නම් එක අඩියක්වත් ඉදිරියට නොතබන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස